ගෝඨාභයට දේශපාලනය තේරෙන්නෙ නැහැ!

1. බලයට පත් වුන ගමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 2400 සිට 300 ට අඩු කළා.දේශපාලනය තේරෙන හිටපු ජනාධිපති සිරිසේන 2400 ක් තමන් ලග තියා ගත්තේ ඒ හරහා දේශපාලනය කරන්න . හැම ආසනයකම තමන්ගෙ හිතවතුන් දෙතුන් දෙනෙක් තමන්ගෙ වැඩපිළිවෙළ , නම ඉහළට එසවීමයි එහි අරමුණ .ඒ නියෝජිතයන්ට මාසික වැටුපක් , වාහනයක් දුන්නෙ ඒකට. ගෝඨාභයට ඒ දේශපාලනය නොතේරෙන බව පැහැදිලියි.ඒකනෙ 2400 ක පිරිස 300 ට අඩු කළේ. 2. වෙනද ජනාධිපති පාරෙ යන විට වාහන 10ක් වත් යනව. පාරවල් වහනව.හැබැයි ගෝඨාභය ඒක වාහන තුනකට සීමා කළා, පාරවල් වැසීම නතර කළා. . ජනතාව…

Read More

කාබනිකව අස්වැද්දූ නාඩු වී 100 ට ගන්නවා!

කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය . මේ දිනවල රටපුරා රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති බව කී අලුත්ගමගේ මහතා හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවද සඳහන් කළේය.…

Read More

සතොසෙන් පැවැති මිලටම සීනි දිගටම!

රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා  පැවසීය සීනි පැවැති මිලට තව දුරටත් අළෙවි කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බව කී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට අළෙවි කරන බව ද සඳහන් කළේය. වරායෙන් ලබාගත් සුදු සීනි මෙටි්‍රක්ටොන් දහසකට වැඩි තොගයක් ඉදිරි දින කීපයේදී සතොස වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් ආනන්ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.

Read More

දේශගුණික සමුළුවේදී බයිඩන් නිදි කිරයි!

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ‘කොප්26’ (COP26) සමුළුව සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධිපති බයිඩන් නිදි කිරා වැටෙන අයුරු ද ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු ‘කොප්26’ සමුළුව ලබන නොවැම්බර් 14 වැනිදා තෙක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් වෙනුවෙන් සමුළුවේ පළමු දින දෙක වෙන් වී තිබුණි. ජනාධිපති බයිඩන් ‘කොප්26’ (COP26) සමුළුව ඇමැතුවේ ඊයේ (2) ය. සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන් දෙදෙනා සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ ‘කොප්26’ සමුළුව…

Read More

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්!

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.  ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ වැඩි කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

Read More

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට ශ්‍රී ලංකාව එක්වෙයි!

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ච්‍යුයින්තාඕ, ජියාඕජොව් හි 2021 ඔක්තෝම්බර් 27-28 අතර කාලයේදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට  සහභාගී විය ච්‍යුයින්තාඕ ප්‍රාන්ත මහජන රජය, චීන-ස්කෝ (China-SCO) දේශීය ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව සඳහා වන ප්‍රදර්ශන කලාපීය කළමනාකරණ කමිටුව, චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වන චොංයැං ආයතනය සහ ජියාඕජොව් නාගරික මහජන රජය විසින් සම-සංවිධානය කෙරුණු මෙම සංසදය සඳහා සත්කාරකත්වය සපයනු ලැබුවේ ච්‍යුයින්තාඕ නාගරික මහජන රජය විසිනි.  ස්කෝ රටවල කාර්මික දාමයේ සහ මූල්‍ය වෙලඳපල සහ ප්‍රාග්ධන වෙලඳපොලවල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ ච්‍යුයින්තාඕ, ෂන්දොන්ග් පළාත්වල සහ ස්කෝ රටවල් අතර පුළුල් ගනුදෙනු සහ සහයෝගිතාව පුළුල්…

Read More

ඉන්දියා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක තරගය අද!

අයි.සී.සී ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ ඉන්දීයාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර තරගය අබුඩාබි හිදී අද (03) පැවැත්වෙයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වෙයි. ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන සහ නවසීලන්ත කණ්ඩායම් හමුවේ දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන් මේ වන විට ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවෙයි. ස්කොට්ලන්ත සහ නැමීබියානු කණ්ඩායම් සමග ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී තරග වැදීමට නියමිතය. ඇෆ්ගනීස්තාන කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගනිමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.

Read More

නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් අද ගුවනින් මෙරටට!

තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් ඉන්දියාවේ සිට අද ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 24 ක් මෙරටට රැගෙන ඒමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස එම පොහොර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතයි. මීට පෙර මෙරටට ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 25, 000 ක තොගය ගොවිජන සේවා මධ්‍යස්ථාන 103 ක හරහා බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න කියා සිටියා.

Read More

සියලු විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගුයි!

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත, වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (නොවැ: 2) සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු ම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය වෙත තොරතුරු ලැබී ඇති නිසා රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම සේවා අවශ්‍යතාව සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. මෙම චක්‍රලේඛය නිකුත් කළ ද අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට…

Read More

වානිජ බැංකුවකට සහ මූල්‍ය සමාගම් දෙකකට මහ බැංකුවෙන් දඩ!

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි…

Read More