මහජන බැංකුවේ ගෙලිඔය සේවා මධ්‍යස්ථානය ශාඛාවක් බවට පත්වේ.

අති නවීන ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් වඩාත් පුඵල් ලෙස ගෙලිඔය ප්‍රදේශයේ ජනතාවට පිරිනැමීම සඳහා මහජන බැංකුවේ ගෙලිඔය සේවා මධ්‍යස්ථානය අංග සම්පූර්ණ බැංකු ශාඛාවක් බවට පත්කර විවෘත කිරීම 2021 ඔක්තෝම්බර් 11 වැනිදා සිදුකෙරිණි. මෙය මහජන බැංකුවේ 363 වන ශාඛාවයි. මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි කුමාරි දයානන්ද, ශාඛා කළමනාකාරිනි නස්රා…

Read More

කාබනික පොහොරෙන් ගොවිතැන් කරන්න ගොවීන්ගෙන් කොන්දේසි 4 ක්!

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණ තිබෙනවා. ඒ, එම නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04ක් රජය විසින් ඉටුකර දිය යුතු බවයි. ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත්කර තිබූ කොන්දේසි වන්නේ කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීම, පොහොරවල වගකීම රජය භාර ගැනීම, වී අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා…

Read More

“ලෝක තෙල් අර්බුදයක් අත ළඟ” – රුසියානු ජනාධිපති පුටින් අනතුරු අඟවයි!

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා පෙරේදා (13) රුසියානු බලශක්ති සතියේ පැවති ව්‍යාපාරික ප්‍රවෘත්ති සහ මූල්‍ය වෙළෙඳපොළ ආවරණය පිළිබඳ ලොව ප්‍රමුඛ සීඑන්බීසී හමුවේ පැවසීය. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ අගුළු දැමීම්වලින් මාස ගණනාවකට පසු ආර්ථිකය නැවත විවෘත වීමත් සමඟ සැපයුම දැඩි වීමත් සමඟ බලශක්ති මිල ගණන් ඉහළ ගොස් තිබේ. 2014 වසරේ නොවැම්බරයෙන් පසු එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩිට්හි ප්‍රථම වතාවට පසුගිය සතියේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 ඉක්මවා ගියේය. නමුත් ලොව විශාලතම තෙල් නිපදවන රටක නායකයකු වන පුටින් විශ්වාස කරන්නේ එය…

Read More

ඉස්ලාම් අන්තවාදී ඊතල ප්‍රහාරයකින් ඔස්ලෝ නුවර කැලඹෙයි!

නෝර්වේ නුවර ඔස්ලෝ අගනුවරට දකුණින් පිහිටි කොංග්ස්බර්ග් නුවර සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මෙය සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිට දුන්නක් උපයෝගි කරගෙන සිදු කළ ඊතල ප්‍රහාරයක් බව පොලිසිය සඳහන් කර තිබේ. ප්‍රහාරය සිදු කළ 37 හැවිරිදි සැකකරු ඩෙන්මාර්ක් වැසියකු බවත්, ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර ඇත. මේ පුද්ගලයා ඉස්ලාම් දහම වැලඳගත් අයකු බව අනාවරණය වී තිබේ. සැකකරුගේ ඊතල ප්‍රහාරයට ලක් වූ එක් පුද්ගලයකු රාජකාරිය නිමා කර…

Read More

අනාගත පරපුර ගැන හිතා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙන්න!

ජනතාවගේ සෞඛ්‍ය හා අනාගත පරපුර ගැන හිතා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙන්න යැයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් ඊයේ(14) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් ඇමති නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. රටේ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල වැඩිවීම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, “කොවිඩ් 19 වසංගතයත් සමග ලෝකයම අර්බුදයකට වැටී තිබෙනවා. අපි දැක්කා බටහිර අධිරාජ්‍යවාදීන් ලෙස ලෝකේ පාලනය කරපු අය…

Read More

සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙක්!

සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය. ‘කොවිඩ්’ වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් ගතකිරීම නිසා ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපෑමක් ඇති වී ඇති බව කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය. සෑම ගමකම දක්‍ෂ ව්‍යවසායකයෙක් බිහි කර එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන…

Read More

පරණ නීති 60ක් අලුත් කරන්න යයි!

යල්පැන ගිය නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි. ඒ අනුව, අධිකරණ පද්ධතියේ පවතින අපරාධ, වාණීජ සහ සිවිල් නිතී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක් පත්කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එහි ප්‍රධානීන් සමඟ රාජගිරියේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (13) පැවැති සාකච්ඡාවකදීය. මෙලෙස නිති සංශෝධනය කෙරුණේ වසර 20කින් පමණ බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැට`ථ හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීමමේ ක්‍රවේදයක් ද සකස්…

Read More

60 දක්වා දීර්ඝ කළාට කැමැති නම් 55 න් පෙන්ෂන් පුළුවන්!

පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කරනු ලැබූව ද සේවක අර්ථ සාධක හා සේවක සත්කාර අරමුදල්වල හිමිකාරත්වය ලබන ඕනෑම සේවකයකුට වසර 55 සම්පූර්ණ වූවිට එම අරමුදල්වල ප‍්‍රතිලාභ ලබාගෙන විශ‍්‍රාම යෑමේ හැකියාව පවතින බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (13දා) පැවසීය. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගත යුතු බවත් ඇමැතිවරයා කීවේය. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ දින වනවිට අවුරුදු 55 ක්වන සේවකයකුට අවුරුදු 57 දක්වා සේවය කිරීමට නීතිමය ප‍්‍රතිපාදනය හිමි වේ. නව…

Read More

Number Portability සේවාව සදහා නීතිමය අනුමැතිය!

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේ​ය.

Read More

කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට!

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි. මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර ,මඩකලපුව ,අනුරාධපුර, පොළොන්නරුව ,කුරුණෑගල ,පුත්තලම, ත්‍රිකුණාමලය ,හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට පෙර පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණි. 

Read More