ශ්‍රී ලංකා පොඩ්ඩන්ගෙන් පෙරළියක්!

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමිනි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස් කළේය. නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 39කට කඩුලු 3යි. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු ඕවර 48.2කදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 251 රැස් කළේය. සධීශ රාජපක්ෂ ලකුණු 76ක් රැස් කළ අතර අන්ජල බණ්ඩාර ලකුණු 40යි. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් ඔවුන් සහභාගී වූ තරග 3ම ජයගෙන තිබේ.

Read More

“ගරිල්ලන් පරාජය කරනවා” – සෞදි කුමරුගෙන් ප්‍රතිඥා…

ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන්ව පරාජය කරන බව සෞදි ඔටුන්න හිමි කුමරු , මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුද් ප්‍රකාශ කළේ ය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට හවුති ගරිල්ලන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු,  එමිරේට්ස්  නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඒ බව ප්‍රකාශ කර ඇත. දුරකථන සංවාදය අතරතුර, සෞදි කුමරු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත. ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩපැවැත්වීම, කලාපීය කටයුතු සහ පොදු අවශ්‍යතා පිළිබඳවද…

Read More

තම බිරිඳට වින්නඹුකම් කර ඔස්ට්‍රේලියාවේ ආදරය දිනූ ශ්‍රී ලාංකික පියෙක්! (VIDEO)

මෝටර් රථයක ඉදිරිපස අසුනේ සිටි තම බිරිඳට බිළිඳෙකු ප්‍රසූත කිරීම සඳහා වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍රී ලාංකික පියෙකු ඔස්ට්‍රේලියානු ජනතාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ. මාධවී ලෙව්කේ සහ ශ්‍යාම් කෝට්ටෙගොඩ ඔවුන්ගේ බිළිඳු පුතණුවන් මෙලොව එළිය දකින තුරු සිටියේ නොඉවසිල්ලෙනි. එසේ වුව ද කිසි විටක ත් ඔහුගේ උපත ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර රෝහල් රථ ගාලක, මෝටර් රථයක් තුළ සිදුවෙතැයි ඔවුහු කිසි විටකත් බලාපොරොත්තු වී නොසිටියහ. දරු ප්‍රසූතිය සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (ජන. 20) උදෑසන කඩිනමින් රෝහල වෙත තම බිරිඳ ගෙන යාමට ශ්‍යාම් කටයුතු කළ ද ඊට පෙර ඔහුට ඔවුන්ගේ දියණිය වන බුවී,…

Read More

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ධූරයෙන් ඉවත් වෙයි!

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කර දෙන තුරු තමන් සේවයෙන් ඉවත් වන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් ඇය මේ බව දැනුම් දී ඇත. දින14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා තමන්ට රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සකස් කර දෙන ලෙස ඇය අදාළ ලිපිය මගින් ඇය ඉල්ලා තිබේ. එලෙස තමන්ට රාජකාරි කිරීමට හැකි වාතාවරණයක් නොමැති වුවහොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව අදාළ ලිපිය මගින් ඇය අවධාරණය කර…

Read More

Port Cityයේ ඡායාරූප ගාස්තු ගැන ඇත්ත කතාව මෙන්න!

කොළඹ වරාය නගරය තුළ සිදු කෙරෙන වෘත්තීමය ඡායාරූපකරණ කටයුතු හෝ රූගත කිරීම් (පුද්ගලික හෝ වාණිජ හේතූන් මත) සඳහා පමණක් ගාස්තු අය කෙරෙන බව කොළඹ වරාය නගර පුද්ගලික සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, සාමාන්‍ය සංචාරක කටයුතු අතරතුර ගනු ලබන සෙල්ෆි, ඡායාරූප හෝ රූගත කිරීම් සඳහා ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. එලෙස ගාස්තු අය කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා අසත්‍ය බව ද එම සමාගම පැවසීය. ඒ සම්බන්ධයෙන් තවදුරට ත් පැහැදිලි කරමින් කොළඹ වරාය නගර පුද්ගලික සමාගම සඳහන් කළේ, එම ගාස්තු අදාළ වන්නේ පුද්ගලික උත්සව, මංගල…

Read More

“හරීන් ස්වර්ණවාහිනියට කියලා බ්‍රහස්පතින්දා බෑ කියලා”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයකට හරීන් ප්‍රනාන්දු මහතා අභියෝග කළද ලබන බ්‍රහස්පතින්දා තමන්ට ඒමට නොහැකි බව ප්‍රනාන්දු මහතා ස්වර්ණවාහිනියට දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය. එසේ නම් ප්‍රනාන්දු මහතාට අවශ්‍ය දිනයක් යොදාගන්නා ලෙසත්, ඕනෑම දිනක තමන් සහ අලුත්ගමගේ මහතා විවාදයට පැමිණෙන ලෙසත් අමාත්‍යවරයා කියා සිටියේය.

Read More

‍‍’’මට කාගෙවත් බඩට ගහන්න ඕනෙ නෑ’’

විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (21) පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. පසුගිය කාලයේ නැගූ හඬ දැන් යටපත් වී තිබෙන්නේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්‍ෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට…

Read More

මැති සබේ විදුලි සහ ජල බිල කෝටි 8 ක්!

පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන්  වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල්  කෝටි අටක්  දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ. පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සහ ජලය සැපයීම සඳහා 2020 වර්ෂයේදී පමණක්  රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස්  තුන්සිය විසි තුනක (74,625,323.28) මුදලක් වැයවී ඇතැයිද  එම වාර්තා පෙන්වා දෙයි. විදුලිය සහ ජලය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වැය වන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී බව එහි නිලධාරීහු පවසති. මැතිසබය රැස්වන   අවස්ථාවන්හිදී වායු සමීකරණ පද්ධති සහ විදුලි සැපයුම පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් ඒ සඳහා විශාල…

Read More

“තරුණියන් සමඟ ප්‍රීතිවන උදයංග පොට්සිටි වීඩියෝවක”

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කල ගීතයක් මේ වනවිට සමාජ ජාල ඔස්සේද විශාල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රචාරය වන අතර එම ගීත නිර්මාණය කොළඹ වරාය නගරය ආශ්‍රිතව රුගත කරමින් නිර්මාණය කොට තිබෙනවා. එමෙන්ම මෙම ගීතයේ රුගත කිරීම් සඳහා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාද පෙනී සිටින අතර එහි තරුණියන් පිරිසක් සමඟ යොට් යාත්‍රාවක සතුටුවන අකාරයේ රංගනයක උදයංග වීරතුංග මහතා නිරතව වන අකාරය දැකගත හැකියි. එම ගීතයේ වීඩියෝපටය පහතින් නරඹන්න…

Read More

වැටුප් ගෙවාගන්නත් බැරුව තිබු ලංකා සීනි සමාගම ඉතිහාසයේ විශාලතම ලාභය ලබයි!

කම්හලේ නිෂ්පාදනය උපරිම ධාරිතාවට ගෙනාවා සේවකයන් 2500ක් ස්ථීර කළා ආයතනයේ සියලු ණය ගෙවා දැමුවා නව කම්හලක් ඉදි කිරීමට කටයුතු සූදානම් ලංකා සීනි සමාගම ආරම්භක දිනයේ සිට එනම් වසර 35ක් තුළ ලැබූ විශාලම ලාභය ලැබුවේ පසුගිය වසරේදීය. දිගින් දිගටම පාඩු ලැබූ ලංකා සීනි සමාගම වසරක් ඇතුළතදී රටේ වැඩිම ලාභ ලබන ආයතනයක් කිරීමට තරම් ලංකා සීනි සමාගමට පත් වූ නව සභාපති ජනක නිමලචන්ද්‍ර මහතාගේ නායකත්වයට හැකි විය. ලංකා සීනි සමාගමේ වර්තමාන තත්ත්වය පිළිබඳ එම සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා සමඟ සිදු කළ සංවාදයයි මේ. l ඔබ ලංකා සීනි සමාගමේ සභාපති ධුරය භාර…

Read More