සමාජ මාධ්‍ය භාවිතා නොකර ජනප්‍රිය තරු සහ ඒකට හේතු

අපිට කව්රු හරි කෙනෙක් ගැන දැන ගන්න ඕන නම් විශේෂයෙන්ම ජනප්‍රිය කලා කරුවන්, ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන දැන ගන්න ඕන නම් අපි කරන්නේ ඔවුන්ව ෆේස්බුක් එකෙන් හරි ඉන්ස්ටග්‍රෑම් එකෙන් හරි follow කරන එක.

නමුත් කොතරම් ජනප්‍රියත්වයක් ලැබුවත් අදටත් සමාජ මාධ්‍ය භාවිතා නොකරන ලෝකෙ ඉතාමත් ජනප්‍රිය යැයි සැලකෙන කීර්තිමත් පුද්ගලයන් ඉන්නවා.

ෆේස්බුක්, ට්විටර්, වට්ස්අප් මේ යනාදී කිසිදු සමාජ මාධ්‍යයක් මොවුන් භාවිතා කරන්නේ නැහැ.ඒකට හේතුත් ඔවුන් විසින් සඳහන් කරලා තියෙනවා .ඒ විදියට සමාජ මාධ්‍ය භාවිතා නොකරන ලෝකප්‍රකට තරු වගේම ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා නොකරන්න හේතුවක් මෙන්න මේකයි…

1 Emma Stone

ලෝකප්‍රකට රංගන ශිල්පිණියක් වන මැය සමාජ මාධ්‍ය ලක් කරමින් කියා සිටියේ ඉන්ස්ටග්‍රෑම් වැනි වේදිකා මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ව්‍යාජ ප්‍රතිරූපයක් මවා පෑමට ඉඩ සලසන බවයි. ඔවුන්ගේ දවසේ හොඳම පින්තූර මොනවාද? යන්න පිළිබඳව සැලකිලිමත් වෙමින් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ පුද්ගලික ජීවිත දිගහරින බව ඇය ලොස් ඇන්ජලීස් ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණි.

2 Daniel Radcliffe

තමාටම ආවේණික වූ විශිෂ්ට නළුවෙකු වන හැරී පොටර් තරුව සමාජ මාධ්‍යවල රසිකයෙක් නොවේ, ඔහු ෆේස්බුක්, ට්විටර් සහ වෙනත් සමාජ මාධ්‍යක් භාවිතා නොකරන්නේ එය පුද්ගලිකත්වය ගරු නොකරන තැනක් නිසාවෙන් බව පවසයි. ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි මාධ්‍යවලින් තමාව “අපහසුතාවයට” පත් කරන බවත්, ඔහු පවසයි.

3 Keira Knightley

ලෝකප්‍රකට නිළියක් වන ඇය පවසන්නේ සිය ට්විටර් ගිණුමෙන් පවා ඉවත් වූයේ එය කෙතරම් තරඟකාරීද ඇයට වැටහුණු නිසාවෙන් බව ඇය පවසයි. එය තෙරම්ද යත් “එය මට පාසැල් ක්‍රීඩා පිටියක සිටීමටත් ජනප්‍රිය නොවීම සිටීමටත් හැඟීමක් ඇති කළේයයනුවෙන් ඇය පවසයි.

4  Angelina Jolie and Brad Pitt

ඇන්ජලීනා ජොලි සහ ඇගේ හිටපු පෙම්වතා බ්‍රැඩ් පිට් සමාජ මාධ්‍ය භාවිතා නොකරයි. ඔවුන් පවසන්නේ ඒ සඳහා තාක්ෂණීක දැනුමක් නොමැති බවයි.

5 Jennifer Lawrence

හන්ගර් ගේම්ස් තරුවට සමාජ මාධ්‍ය ගිණුම් නොමැත.ඇය බීබීසී රේඩියෝවට පැවසුවේ “මට කවදාවත් ට්විටර් පණිවිඩ ලැබෙන්නේ නැහැ. දුරකථනයක හෝ තාක්‍ෂණය එතරම් හොඳ නැහැඑබැවින් සමාජ මාධ්‍ය පිළිබඳ අදහස මට සිතාගත නොහැකි තරම්ය.මොකද අන්තර්ජාලය මට ගොඩක් නින්දා කළා. ” යනුවෙනි.

මේ ආදී වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා නොකරන ජනප්‍රිය ප්‍රද්ගලයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එය භාවිතා නොකරන්න මොවුන් පවසන හේතුත් බොහෝ දුරට ඉතාමත් සාධාරණ හේතු බවටත් වැටහෙනවා.

Related posts

Leave a Comment