ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ ජීවත්වීමේ අරගලය ජය ගැනීම විනා මේ අවස්ථාවේදි සිදු කළ යුත්තේ ආණ්ඩු මාරු කිරීම නොවන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (16) පැවැසීය.
මේ අවස්ථාවේදී ආණ්ඩුවක් බාර ගැනීම කොරෝනා වැලඳීම වාගේ යැයිද ඒ මහතා කීය.
ආණ්ඩුවේ කොරෝනා මර්දන වෑයම අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා සැලසුමක් ඇතිව වැඩ කරන්නේ නම් කොරෝනා මර්ධනය සඳහා සහය දීමට සූදානම් බවත් පළමුවෙන්ම සැබෑ තත්ත්වය රටට හෙළි කළ යුතු බවත් සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොව්ඩ් වසංගතය නිසා ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳ ‘පරපුර’ තරුණ සංවිධානය සතිර සරත්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් පෙරේදා (16) මිරිහානේදී සංවිධානය කර තිබූ සංවාදශිලී හමුවකදීය.
කොවිඩ් එන්නත ලබා ගැනිම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ආණ්ඩුව කිසිදු ක්‍රමවේදයක් සකස් කර නැතැයිද ඒ සඳහා ජාතික සැලැස්මක් ඇති කර අය-වැයෙන් මුදල් වෙන් කර ජාතික සෞඛ්‍ය කමිටුවක් සහ උපක්‍රම පිළිබඳව උපදෙස් දෙන විශේෂඥ කණ්ඩායමක් පත් කළ යුතු බවත් සඳහන් කළේය.