ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක බුබුළක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග ඊයේ (24) පැවැති සාකච්ඡාවකදී දෙරට අතර ගුවන් ගමන් ආරම්භකර සංචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමුව තිබුණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක බුබුළක් ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෙරට විදේශ අමාත්‍යාංශය වෙත යෝජනාකර තිබු අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් නතර වී ඇති පලාලි ගුවන් තොටුපළ සහ එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම පිළිබඳවද ඉන්දීය තානාපතිවරයා සමග සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

Leave a Comment