පාස්කු කොමිසම් වාර්තාව අසාර්ථක වාර්තාවක්

පාස්කු කොමිසම් වාර්තාව අසාර්ථක වාර්තාවක් ලෙස දකින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා (24) පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය.

රටේ වසර කීපයකට පෙර විශාල ඛේදවාචකයක් සිදු වුණා. එය පාස්කු ප්‍රහාරයයි. එයට ජනාධිපති විමර්ශන කොමිසමක් ක්‍රියාත්මක වුණා. එම වාර්තාව එළිදක්වා දින කීපයක් වෙනවා.එය අසාර්ථක වාර්තාවක් ලෙස අපි දකිනවා.සමඟි ජන බලවේගයේ අපි එය පිළිගන්නේ නැහැ. මෙය සම්පූර්ණ වාර්තාවක් විදියට නම්.

අද කෝවිඩ් පාලනය ගිලිහිලා.දිනකට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු කරලා. මේ අසාර්ථක පාලනය ගෙදර යැවීමට පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවායිද කීය.

Related posts

Leave a Comment