පාස්කු වාර්තාව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර සැකසූවක් – ශ්‍රීලනිපයෙන් චෝදනා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ බහුතරයක් කරුණු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් පක්ෂයක් ලෙස ඇති බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරමින් සමහර කොටස් සකස් වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවරූ විෂය පථයට පරිභාහිර කරුණු ගණනාවක එහි අඩංගු බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කීය.

Related posts

Leave a Comment