පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන වාර්තාවේ තවත් වෙළුම් ඇත්නම් ඒවාද වහාම ප්‍රසිද්ධියට පත්කිරීමට බල කිරීමට සමගි ජන බලවේගය ඊයේ (26) තීරණය කර ඇත.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනත් සැඟවුණු විශේෂ සිද්ධීන් එම වෙළුම් තුළ තිබිය හැකි බැවින් ඒවා හෙළිකර ගැනීමට ක්‍රියා කළ යුතු බවටද එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ