ඉදිරියට කිසිදු මැතිවරණයකට පිටස්තරව ගෙන එන පොදු අපේක්ෂකයන් භාවිතා නොකරන බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සිකුරාදා කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතා ප්‍රකාශ කර තිබේ.
පොදු අපේක්ෂකයන් පිටතින් ගෙනැවිත් ඉගෙනගත් පාඩම් නිසා යළිත් එවැන්නක් කිසිවිටෙක සිදු නොවන බවද ඔහු අවධාරණය කර ඇත.
එහෙත් සමගි ජන බලවේගය මූලික කරගත් වැඩපිළිවෙළක් යටතේ කේන්ද්‍රගත වූ මහා සන්ධානයක් ගොඩනැගීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මාර්තු 3 වනදා සිට සමගි ජන බලවේගය පරිසර හිතකාමී හරිත පක්ෂයක් බවට පත් කරන බවද ඔහු පවසයි .