පාස්කු වාර්තාව ශ‍්‍රීලනිපය විනාශ කිරීමේ උපක‍්‍රමයක් – ශ්‍රිලනිප හිටපු මහලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තකු බවට කොමිෂන් වාර්තාවෙන් ප‍්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ පාස්කු ප‍්‍රහාර වාර්තාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ උපක‍්‍රමයක් කර ගැනීමට යන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.

පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර ගෙන තිබෙන්නේ පක්‍ෂය විනාශ කර දැමීමේ අරමුණින් බව පැහැදිලි බවත් වාර්තාවට අනුව කටයුතු කරන විට පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව නඩුවක් පැවරීමට කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මෙම වාර්තාවේ නිගමනය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දඩයම් කිරීමක් බව ඉතාම පැහැදිලියි. නමුත් ජනතාවට සුවිශාල සේවයක් කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමකට ජනතාව ඉඩදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ද මහාචාර්යවරයා පැවසීය.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

Related posts

Leave a Comment