මාලු කෑවොත් කොරෝනා හැදෙනවා කියන්නෙ බොරුවක් ද?

“වෙනදා නත්තලට ඉස්සන්ට දැල්ලන්ට ලොකු ඉල්ලුමක් තිබ්බා. ඉස්සර මට නත්තල් මාසෙ අඩුම දවසකට ලක්ෂ තුනක විතර වෙළඳාමක් තිබුණා. මේ වෙනකොට ඒක 60%කින් විතර අඩු වෙලා. තාමත් මිනිස්සු මාලු ගන්න බයයි. අතේ කොරෝනා තිබ්බොත් මාලුවල විතරක් නෙවෙයි ඕනම දේක ගෑවෙනවා. මාලු ගැන විතරක් අමුතුවෙන් බය වෙන්නෙ මොකටද? මාලු උයලා කෑවම කොරෝනා හැදෙනවද?

“මට බැංකු ලෝන් එකක් තියනවා. මේ තත්වෙත් එක්ක බොහොම අමාරුවෙන් තමයි දැන් ඒවත් ගෙවාගෙන යන්නෙ. මටත් වැඩිය බරපතල ප්‍රශ්ණවලට මුහුණ දීපු මාලු වෙළෙන්දො ගොඩක් ඉන්නවා. මාස දෙකක් විතර යද්දි මේ තත්වෙ හරි යයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

“පෑලියගොඩ මාලු මාර්කට් එක අරින්න අවසර දීලා තිබ්බට සාමාන්‍ය ජනතාවට ඇවිත් මාලු මිලට ගන්න අවසර දීලා නැහැ. තොග වෙළෙඳුන්ට විතරයි මිල දී ගැනීම් කරන්න පුළුවන්.”

වසර 21ක් පුරා මාලු වෙළඳාමේ යෙදෙන රාජගිරියේ පදිංචි චමින්ද අසේල කොවිඞ් 19 අර්බුදයෙන් මත්ස්‍ය වෙළඳාමට අත්ව ඇති ඉරණම විස්තර කළේ එලෙසිනි. චමින්දගේ මැසිවිල්ල රටේම ධීවර කර්මාන්තයට අත්ව ඇති ඉරණමේ කැඩපතක් බඳුය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment