අන්ධයන් පිරිසක් අලියගෙ හැඩේ කිව්ව වගේ -බුද්ධික පතිරණ පාස්කු වාර්තාව ගැන කියයි

පාස්කු කොමිසම් වාර්තා නිර්දේශ පිළිබඳව මගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අදහස් දක්වා තිබුණා. පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අදහස් දක්වා තිබුණේ මෙන්න මේ විදිහට…

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ කොමිසම් වාර්තාව ගැන පිරිසක් හොඳ කියනවා. පිරිසක් නරක කියනවා. ඇත්තටම ඔබට මේ වාර්තාව දැක්කම හිතෙන්නෙ මොකක්ද?


පිළිතුර:- මම තාමත් වාර්තාව කියවමින් ඉන්නේ. මගේ සිරිත පොත් හැදෑරීම මිස කියවීම නෙවෙයි. අපේ අතට මෙය ලැබුණේ බ්‍රහස්පතින්දානෙ. එහි සාමාන්‍ය නිරීක්ෂණයකින් නම් මට කියන්න තිබෙන්නේ අන්ධයන් පිරිසක් අලියගෙ හැඩේ කිව්ව වගේ වැඩක් කියලයි. ඒක චේතනාන්විතව සැලසුම්සහගතව කළා ද නොතේරුම්කමට කළා ද කියලා ප්‍රශ්නාර්ථ දෙකක් මට තිබෙනවා. එතැන හිටපු විදග්ධ පිරිස බැලුවාම නම් මේක නොතේරුම්කම වෙන්න බෑ.  

Related posts

Leave a Comment