යුක්තිය ඉටු වන තුරු විරෝධය පානවා – කොළඹ අගරදගුරු

කළු ඉරිදාවෙන් නොනැවතී පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවන තෙක් විවිධ ස්වරූපයෙන් දිගින් දිගටම ඊට එරෙහිව විරෝධය දැක්වීමට පියවර ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැසූහ. කොළඹ අගරදගුරු නිල නිවසේදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියෝ මේ බව සඳහන් ක⁣ළහ.

එම විරෝධතා මාලාවේ පළමු පියවර වන ‘කළු ඉරිදාව’ ලබන (07දා) දිවයින පුරා සියලු කතෝලික දේවස්ථානයන් ඔස්සේ ක්‍රියාවට නංවන බවත් පාස්කු ප්‍රහාර මාලාවට වසර දෙකක් සැපිරෙන ලබන අප්‍රේල් 21දා වනවිට ප්‍රහාර මාලාවේ මහමොළකරුවන් සහ සැබෑ චූදිතයින්ට එරෙහිව නිසි පියවර නොගතහොත් දිවයින පුරා සියලු නිවෙස්වල කලු කොඩි ඔසවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියෝ කීහ. පාස්කු ප්‍රහාර මාලාවට යුක්තිය ඉල්ලා තමන් සහ සමස්ත කතෝලික ජනතාව මතුකරන විරෝධය ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කර සිදුකරන්නක් නොවන බවත් එය ප්‍රහාරයේ වින්දිතයින්, කතෝලික ජනතාව සහ රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකරන විරෝධයක් බවත් කාදිනල් හිමියෝ සඳහන් කළහ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment