දැන් කෙල්ලෝ උන්මාද චිත්‍රාවන් ද? පිරිමි ගුරුවරයෙකු දැක පරළවූ විසාඛාවේ විදුහල්පතිනයට අපූරු පිළිතුරක්

කොළඹ විශාඛා විදුහලට උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ඉගැන්වීම සඳහා පැමිණි ගුරුවරයා ඊට නුසුදුසු බව එම විදුහලේ විදුහල්පතිනිය කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අමන්දා අබේසූරිය සිය මුහුණු පොතේ ඉතා රසවත් සටහනක් තබා තිබේ.

බාලිකාවන් සිටින පාසලකට යම් කටයුත්තකට පැමිණෙන සිසුවකු දුටු විට දක්වන ප්‍රතිචාරය පිළිබඳව අමන්දා අබේසූරියගේ එම සටහනේ අපූරු යථාර්ථවාදී විග්‍රහයක් කොට තිබේ.

අමන්දා අබේසූරියගේ එම අපූරු සටහන පහත දැක්වේ.”අපි ඉස්කෝලෙ යන කාලෙ විසාකා විද්‍යාලය සම්බන්ධ බොහොම ප්‍රසිද්ධ අර්බන් ලෙජන්ඩ් එකක් තිබුණා. විද්‍යාගාර සම්බන්ධ සිද්ධියක් කිව්වොත් කවුරුත් දන්නවා. කතාව ඇත්ත වුණත් නැතත්, මෙන්න මෙහෙම මෙහෙම එකක් වුණා ය කියලා තමයි කතාව පැතිරුණේ.සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් වෙන්නෙ යෞවනෝදයෙ ඉන්න ළමයි තමන්ගෙ සිරුර එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න ගියාමනේ. ඕක ගෑණු පිරිමි භේදයක් නැතුව වෙනවා. ඉස්සර “උදා වූ යෞවනය” පොතෙනුත්, මෑතක දී “හතේ අපේ පොත” පොතෙනුත් කරන්න ගියේ ආරම්භයක් ලෙස ඒ කුතුහලය නැති කිරීම.සුද්දන්ගෙ කාලෙ පටන්ගත්ත සම්ප්‍රදායන් නිසා (විය යුතු යි), අද අපට කාන්තා සහ පිරිමි පාසැල් තියෙනවා. ළමයි ලිංගය අනුව වෙන් කරලා තියෙන එකෙන් කරන්න අදහස් කරන්නෙ ලැජ්ජා බය ඇතිකිරීම හෝ මොකක් වුණත්, ඒකෙන් වෙන්නෙ කෙල්ලන්ට කොල්ලනුත්, කොල්ලන්ට කෙල්ලනුත් පිටසක්වල ජීවීන් වගේ නාඳුනන කොට්ඨාසයක් වීම. කාන්තා පාසැල්වල ගුරු මණ්ඩලය එහෙම විශේෂයෙන්ම වගබලා ගන්නවා තමන්ගෙ සිසුවියො පිරිමි ළමයි එක්ක කතා කරන එකෙන් පවා වලක්වන්න.ඉතින් ඉස්කෝලෙට මොකක් හරි වැඩකට ඉස්කෝලෙ කොල්ලෙක් ආවොත් කෙල්ලො හොරෙන් එබීගෙන ඉන්නෙ උන්ව බලාගන්න. මොකද එතකොට කොල්ලො කියන්නෙ එච්චරටම දුර්ලභ සත්ත්ව විශේෂයක්. ඒ කොහොම වුණත්, ඉස්කෝලෙ හිටි කිසිම ගුරුවරයෙකුට ගෑණු ළමයි ක්‍රෂ් එකක් ඇතිකරගත්ත වගක් මට මතක නෑ. ගුරුවරු ගැන කෙල්ලන්ට ලොකු ගෞරවයක් තිබ්බා. උන් ලයින් දැම්මෙ ලැබ් ඇසිස්ටන්ට්ලා වගේ කාර්‍යමණ්ඩල ධුරාවලියේ පහතින් හිටපු එවුන්ට.මෑත කාලයක් වෙනකල් ඉස්කෝලෙ යන ගෑණු ළමයෙක් වෙලා හිටි නිසා විසාකා විදුහල්පතිනීගේ මේ වැඩේ තේරුම මොකද්ද කියලා මට නම් පෞද්ගලිකව තේරුම් ගන්න අමාරු යි. අපි පාසලෙන් පිටවෙලා ගෙවුණු පොඩි කාලය ඇතුළත, පිරිමි ගුරුවරයෙකු දුටු පමණින් ඇවිස්සෙන තැනකට සිසුවියන් ඇවිත් කියලා හිතන්න අමාරු යි. විදුහල්පතිනීට අදාල ගුරුවරයා සමග පෞද්ගලික කෝන්තරයක් තිබෙනවා හෝ ගුරුවරයා සම්බන්ධ යම් අයහපත් කාරණාවක් දන්නවා විය හැකියි. නැතිනම් තමන්ගෙ පාසලේ කෙල්ලො උන්මාද චිත්‍රාවුන් ගාණට දාලා, මධ්‍යකාලීන චැස්ටිටි බෙල්ට් එකක වැඩේ තමන්ම කරන්න යනවා ද කියලාත් කියන්න බෑනේ.”

උපුටා ගැනීමකි

Related posts

Leave a Comment