වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තාවගේ මරණයට සැකකරන පොලිස් පරීක්ෂක වරයාගේ දේහය බඩල්කුඹුර ප්‍රදේශයේ දී සොයා ගෙන ඇත
මෙම පුද්ගලයා මිය යෑමට පෙර යම් ලිපියක් ලියා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය
මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවත් ඉන් ඔහුට කරදර ඇති වූ බවත් මෙම ලිපියේ සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය
මෙම ලිපිය මිය ගිය පුද්ගලයාගේ නිවසේ තිබී සොයා ගෙන ඇත
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) දිනයේ පැවැත්වීමට නියමිතය
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිරිගල රෝහලේ දී පැවැත්වීමට නියමිතය
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත