ඇමෙරිකන් රිවෝල්වරයක් හා උණ්ඩ සමග හිටපු ප‍්‍රා.සභා මන්ත‍්‍රී අත්අඩංගුවට

කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවෝල්වරයක් හා උණ්ඩ තොගයක් පුත්තලම විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් 2 වැනිදා අලූයම අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පෙරක්කුවටාන පදිංචි ඉඩම් හිමි ව්‍යාපරිකයකුය.

ලැබුණ තොරතුරක් මත නාවික හමුදාවේ උඩප්පුව බුද්ධි ඒකකයේ තොරතුරකට විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකදී කිසිදු අවසරයකින් තොරව ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවොල්වරයක් හා එයට යොදන 7.9 ජීවඋණ්ඩ දෙකක් හිස් පතොරම් දෙකක් හා බර ගිනි අවියක් වන එම්.පි.එම්.ජී ජීව පතොරම් 1ක් 6.35 ජීව පතොරම් 07 ක්, 7.65 ජීවඋණ්ඩ 03ක් , .22 ජීව පතොරම් 3ක් බෝර 12 ගිනි අවියට යොදන ජීව පතොරම් 8ක් හිස් පතොරම් 22 ක් නීති විරෝධි ලෙස සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අදාළ සැකකරු මෙයට පෙර තම ඉඩමට ගවයින් පනින බවට කීපි ගවයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ද චෝදනා එල්ල වී ඇති බව උඩප්පුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතව තිබුණි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment