ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා මෙරට ට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ, අද (03) හලාවත රෝහලේ පැවති උත්සවයක දීය.
ඒ අනුව එන්නත් මාත්‍රා 264,000ක් ලැබීමට නියමිතය.
එම පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට අවශ්‍ය කොවිඩ් එන්නත් මෙරටට ලැබීමට නියමිතය.
මේ දක්වා ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර තවත් එන්නත් මාත්‍රා 500,000ක් ඉන්දියාවේ සිරම් ආයතනයෙන් මිලදී ගැනීමට ද මෙරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා මෙරට ට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.