O/L විභාග අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටි අයෙක් පොලිස් අත්අඩංගුවට

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

සැකකරු පරසන්කුලම් නැදුන්කනී ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බව සඳහන් වේ.

මේ අතර කැකිරාව මඩාටුගම විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයෙකුට පහරදුන් තවත් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑ පාසල් සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment