පාස්කු වාර්තාව හිස් – තිස්ස අත්තනායක කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව හිස් වාර්තාවක් බවත් එයට එරෙහිව ජනමතයක් ගොඩනැගීමේ වරදක් නොමැති බවත් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

අගරදගුරු කාදිනල් හිමියන් මෙන්ම දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව ඉල්ලා සිටියේ එම ප්‍රහාරය මෙහෙය වූ මහ මොළකරුවන්, අනුබල දුන් කණ්ඩායම් ගැන සොයා බලා ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට සැලැස්වීම බව කියා සිටි ඒ මහතා ඒ කිසිවක් මේ වාර්තාව මඟින් ඉටු වී නැති බවත් මෙය අසම්පූර්ණ වාර්තාවක් බවත් කියා සිටියි.

එසේ හෙයින් සමඟි ජන බලවේගය පක්ෂය කොළඹ අගරදගුරු පදවියේ පියතුමන් එක්ව ප්‍රකාශයට පත්කර තිබෙන කළු ඉරිදාවට සහය ලබා දෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) මිරිහානේ පාරමිතා ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය බටපොල මේධානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

Leave a Comment