ලිංගික අවයවල ගැටීම සඳහා පමණක් කසාද බදින රටේ මැට්ටෙක්ගේ ප්‍රශ්න අහන්න එපා – චන්ද්‍රසිරි බණ්ඩාරට මල පනී

ජෝතිශයවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රසිද්ද අනාවැකි කියන්නෙක් . මහින්ද රාජපක්ෂ 2015 දී ජයනොගතහොත් තමන් වෙඩි තියාගන්නා බවට ඔහු කියා සිටියත් එය හුදෙක් විහිළුවක් පමණක් උනා . තමන් එසේ කලේ මහින්ද රාජපක්ෂ මහතාට බෙහෙවින් ගෞරවයකින් හා ආදරයකින් යුක්ත නිසා බව ඔහු ප්‍රකාශ කර සිටිනවා . මෙසේ ප්‍රකාශ කරේ දෙරණ මාධ්‍යවේදියෙකු කල විමසීමකදී . අදාල පටිගත් කිරීම අතරතුර ඔහු බෙහෙවින් කෝපයට ලක් වන බවක් පෙන්වන අතර මෙයද ඔහුගේ එක් ජනප්‍රිය වීමේ උපක්‍රමයක් ද යන්න අපට හැගෙනවා .

මෙහිදී දැඩි ආවේගයෙන් පිළිතුරු දුන් ඒ මහතා තමන් 2020 සුභ වසරක් වන බවට කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව ප්‍රකාශ කර සිටි අතර මාධ්‍යවේදියාටද බැණ වැදුනා. අදාළ සංවාදයෙන් ප්‍රශ්න කිහිපයක් සහ ඔහු ඒවාට ලබා දුන් පිළිතුරු කිහිපයක් පහතින්…

රටට කොහොමද කෙටියෙන්ම කියන්න?

උදාසීන මිනිස්සු බහුල නං රටේ මේක කාලකන්නි අවුරුද්දක් ..අර්බුද හමුවේ අලුත් වැඩ කරන්න ලෑස්ති මිනිස්සු ඉන්නවනම් මේක රටට සුභ අවුරුද්දක්

පසුගිය කාලේ ඔබතුමා වැඩිපුරම ජනප්‍රිය වුණේ අනාවැකි කියන්න කොහොමද මේ අනාවැකි කියන්නේ?

අනාවැකි ජාති දෙකක් තියෙනවා එකක් තමයි අනාගත වාක්‍..ය අනිත් එක අනාගත් වාක්‍ය එතකොට මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය මෙන්න මේ වගේ අනාගත වාක්‍ය නෙමෙයි අනාගත් වාක්‍ය එතකොටයි මාව හැම තැනකම කතාබහට ලක්වෙන්න.

ඔබතුමා මාකට් එක බලාගෙන තමයි වැඩේ කරල තියෙන්නෙ ?

තමන්ව මාකට් නොකර ගන්නවනම් ඒක වෙන කවුරු හරි ඇවිල්ල කරලා දෙනවද?

කියපු ප්‍රසිද්ධම අනාවැකිය තමයි වැරදිච්ච වෙඩි තියා ගන්නවා කියපු කතාව හරි නම් ඇත්තටම ඔබතුමා ජීවතුන් අතර ඉන්න බෑ ද දැන් පොරොන්දු වෙච්ච විදිහට ජනතාවට?

මම දැක්ක එකම එක නායකයායි ඒ වෙලාවේ ඒ නිසා මම දැකපු වීර යට මම මම ආදරේ කෙරුවා මම වාඩි වුණෙත් ඔයාල දන්න වගේ වැඩසටහනක නෙමෙයි එක එක පක්ෂ වෙනුවෙන් කඩේ යන්න ආපු සාස්තරකාරයා මැද්දට මමත් සාස්තර කාරයෙක් විදියටයි වාඩි උනේ.. මම ඔට්ටුව අලුලපු ලොකු අශ්වයා තමයි මහින්ද රාජපක්ෂ මම ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ ඒ වෙලාවේ.

ජ්‍යොත්ඥයෝ දේශපාලඥයාට කඩේ යන එක හොඳද?

මැට්ටෙක්ගේ ප්‍රශ්නයක් අහනවා.. මම මේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගියේ , ජෝතිෂ අනාවැකි කිව්වේ මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඉස්සරහ තියාගෙන e ද ඊට අදාල සංවාදයක දී ද කිව්වේ?

ජනතාව ඔබතුමා ගැන විශ්වාසයක් තිබ්බනෙ?

ඒ කාලේ ඒ විශ්වාසය එහෙමම තියෙනවා

අනාවැකිය වැරදුනාම විශ්වාසය කඩ වෙන්නැති ?

ජනතාව ඊට වඩා බුද්ධිමත්. මම කවදාවත් පාර අයිනේ ඉඳලා රුපියල් දහයක් ඉල්ලුවද ජීවත් වෙන්න.. මම ඊට පස්සේ ගෙවල් දොරවල් ගත්තේ නැද්ද? වාහන ගත්තෙ නැද්ද?

ජ්‍යොතිෂ විද්‍යාව දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරාට කමක් නැද්ද?

දන්න එමමකම විශිෂ්ට දේශපාලඥයා මහින්ද රාජපක්ෂ විතරයි. මම ඔහු වෙනුවෙන් ඒක කළා.. ඔහු වෙනුවෙන් මගේ මුළු ජීවිතයම දෙනවා ඔයා වගේ බය ගුල්ලෙක් නෙමෙයි මම.

ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් කතා කරේ වෙන කිසිම වරප්‍රසාදයක් බලාගෙන නෙමෙයිද?

ලිංගික අවයවල ගැටීම සඳහා පමණක් කසාද බදින රටක ඔයාලා වගේ තරුණ ප්‍රජාවකට ආදරය කියන සබඳතාවයේ වචනයේ උත්තරීතර කම තේරෙන්නෙ නෑ

Related posts

Leave a Comment