භූමදානය කිරීමට අවසර දුන්නත් ආණ්ඩුව විවිධ හේතු කියලා මගහරිනවා

ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බවත් කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් වසරක් තිස්සේම ආදාහනය කිරීම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් පවසයි.

තම ආගමික විශ්වාසය අනුව ඒ සඳහා දේහය ගෙන යන විටදී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පකිස්ථාන අගමැතිවරයා මෙරටද පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන්නද ආණ්ඩුව නැවතත් විවිධ හේතුවන් පවසමින් එම තීන්දුව පසුපසට දමමින් සිටින අතර මුස්ලිම් ජනතාවට වසරක් තුල කොතරම් අසහනයක් තිබුණේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

Leave a Comment