10 වනදා පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණයකර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ පිළිබඳව තීරණය වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා.

Related posts

Leave a Comment