පාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණයි – ලක්ෂ්මන් කිරිඇල්ල

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ආණ්ඩුව හිතාමතාම එහි තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බැවින් එම වාර්තාව පිළිබඳ සැකයක් මතු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“අපේ රටේ කොමිසම් යනු අධිකරණය නොවෙයි තොරතුරු සොයන්න පත් කරන අයයි. ඔවුන් සොයන තොරතුරු නීතිපතිට යැවිය යුතුයි. පසුව නීතිපති ඒ සඳහා නෛතික කටයුතු කරනවා. කොමිසම් සභාව තොරතුරු හොයනවා වෙනුවට අධිකරණ බලය ගෙන ඇති බව අප දැක්කා. මහ අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවල⁣ට පවා මේ අය නිර්දේශ දෙනවා. එය අධිකරණ බලයට අත ගැසීමක්” යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment