කිළිනොච්චියේ කාන්තාව දරු තිදෙනා සමග ළිඳකට පැනලා – කාන්තාව රෝහලේ දරුවන් තිදෙනා මරුට

කිළිනොච්චිය, වට්ටකච්චි ප‍්‍රදේශයේ කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමග ළිඳකට පැන සියදිවි හානි කරගැනීමට පෙරේදා (03)සවස උත්සාහ දරා තිබේ.

මෙහිදී අදාළ කාන්තාව බේරා ගැනීමට ප‍්‍රදේශවාසීන් සමත්ව ඇති අතර දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ වට්ටකච්චි, ඔරෙක්කේ පිල්ලයාර් කෝවිලඩි ප‍්‍රදේශයේදීය.

අදාළ කාන්තාව සිය සැමියා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙසේ දරුවන් තිදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෙම කාන්තාව බේරා ගැනීමට අසල්වැසියන්ට හැකිවී තිබේ.

මෙහිදී වයස අවුරුදු 2, 5 හා 8 යන වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමයකු සමග අදාළ කාන්තාව මෙසේ ළිඳට පැන තිබේ. මෙම කාන්තාව මේ වනවිට කිළිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment