ලෝක ශුරයින්ගේ ක්‍රිකට් තරගාවලිය අදින් ඇරබේ

ලෝකයේ විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත ක්‍රිකට් පිටියට අවතීර්ණ වන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලිය අද (05 වැනිදා) ඉන්දියාවේ රායිපුත් හිදී ආරම්භ වනවා.

එම තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (06 ) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව පිළිවෙලින් මාර්තු 8 වැනිදා, 10 වැනිදා සහ 14 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ එංගලන්තය සමගින් තරග වදිනු ඇත. ඉකුත් වසරේ පැවැති තරගාවලිය කොරෝනා අවදානම මත අත්හැර දැමුණු අතර නැවත මෙම වසරේදී එය ක්‍රියාත්මක විය.

Related posts

Leave a Comment