දඹුල්ලේ එළවළු තොග මිල 50%කින් පහළට

එළවළු තොග මිල සියයට පනහකින් පමණ පහළ ගොස් තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පැවැසූහ

යාපනය, රජරට කලාපවලින් එළවළු තොග සැපයුම ඉහළ යෑම මිල පහළ යෑමට බලපෑ බව එහි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා පැවැසීයx

උඩරට කලාපයෙන් එළවළු නොලැබෙන බවත් යාපනය කලාපයෙන් එළවළු තොග සැපයීම ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පැවැසීයx ඊයේ (04 දා* දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු මෙට්‍්‍රක් ටොන් ලක්‍ෂ 10ක පමණ තොගයක් ලැබුණ අතර මාළු මිරිස්, බෝංචි හැර සෙසු එළවළු කිලෝවක තොග මිල රුපියල් 70 නොඉක්ම වූ බව සභාපතිවරයා පැවැසීයx

යාපනය දිස්ති‍්‍රක්කයෙන් අර්තාපල්, මාළු මිරිස්, කට් බීට් රතු ලූනු විශාල තොග සැපයුමක් ලැබෙන බවත් රජරට කලාපයෙන් සෙසු එළවළු තොග ලැබෙන බවත් හෙතෙම පැවැසීය උඩරට කලාපයෙන් එළවළු නොලැබෙන බව කී සභාපතිවරයා පැවැති වැසි නිසා උඩරට එළවළු වගාවන් හානියට පත්වීම උඩරට එළවළු තොග නොලැබීමට බලපා තිබෙන බව කීවේය ඊයේ වැඩිම මිලක් ලෙස බෝංචි කිලෝවක රුපියල් 200ක්, මාළු මිරිස් කිලෝව 210ක් සහ වට්ටක්කා කිලෝව රුපියල් 80ක් ලෙස වූ බව ද
හෙතෙම පැවැසීය

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment