ඔහු මේ බව පැවසූවේ අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ, සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බව හෙතෙම පෙන්වා දුන්නේය.