වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රමුඛතාවය දීමට යුනිසෙෆ් සංවිධානය විසින් කොවැක්ස් ක්‍රමවේදය හරහා මිලදී ගන්නා ලද එන්නත් මාත්‍රා 264,000ක් ඉරිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 1.44කි.
ඒ අනුව කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත් මාත්‍රා වයස අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.