ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තා මාධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මතු කරන ලද සේවා ස්ථාන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම චෝදනා පිළිබඳව සොයා බලන බවයි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේ.
ට්විටර් වෙබ් අඩවියේ #metoo ව්‍යාපාරය යටතේ අදාළ කාන්තා මාධ්‍යවේදිනියන් විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.