ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය. එම එන්නත් තොගයට මාත්‍රා 26,000ක් ඇතුළත් වෙයි. සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට දකුණු ආසියාවේ රටක් මිලදී ගත් පළමු ෆයිසර් එන්නත් තොගය මෙය වන අතර මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන මගින් මාලදිවයිනට හා බංග්ලාදේශයට ෆයිසර් එන්නත ලැබී ඇත.
ෆයිසර් එන්නත් තොගය නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ගබඩාවක තැන්පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසන අතර එම එන්නත් ඉතාම ඉක්මනින් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය



ජායාරූප: ටි.කේ.ජි කපිල / www.lankadeepa.lk