ආණ්ඩුවේ ප්රශ්නයක් තියෙනවානම් ඒ ගැන ආණ්ඩුවට නොකියා රටට ප්රසිද්ධ කරන ක්රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ.
මෙහෙම ප්රසිද්ධ කරන්නේ විශාල ප්රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.
එහෙම ප්රසිද්ධියේ ආණ්ඩුව හෑල්ලුවට ලක්කරන ඕනෑම මැති අමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට දොර විවෘත කර ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබෙනවා.