ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු යොදාගනිමින් ඉඳිආප්ප තම්බන විට එම තට්ටුවල උග්‍ර විෂ කාරක ඉඳිආප්පවලට එක්වන බවත්, ඒ අනුව ‘දෙවරක් නොසිතා’ එම තට්ටු තහනම් කිරීමට තීරණය කළ බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ, මෙම සත්‍ය තත්ත්වය ජනතාවගෙන් බහුතරයක් පිළි නොගන්නා බවයි.
ඒ අනුව ආහාර පිළියෙල කිරීමේදී ස්වභාවික අමුද්‍රව්‍යවලින් සැකසූ භාජන හා ද්‍රව්‍ය හැකිතාක් භාවිත කරන ලෙසත් එසේම විකල්ප ස්වභාවික නිෂ්පාදනවලට යොමුවන ලෙසත් ලේකම්වරයා මහජනතාවගෙන් සහ භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය.
උග්‍ර විෂ කාරක ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වහාම තහනම්කරයි කරයි!
