ජනපතිගේ කාබනික විප්ලවය සැබෑවකි!

වස විසෙන් තොර රටක් සඳහා මේ වන විට විශාල පිරිසක් කාබනික වගාව කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබෙනවා.දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාබනික පොහොර භාවිතය මෙන්ම පොහොර නිෂ්පාදන ව්‍යාපෘති ද දැකගත හැකියි.

පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ තම බල ප්‍රදේශයේ එක් රැස් වෙන කැලි කසළ නිසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකින් පසුව ගුණාත්මක තත්වයෙන් ඉහළ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

දිනකට නිපදවනු ලබන පොහොර ප්‍රමාණය කිලෝ පන්දහසක්. එම සියලුම පොහොර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගොවි ජනතාව වෙත නිකුත් කරන අතර එමගින් ඉදිරි කාලයේ වඩාත් ඉහළ අස්වනු ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂිතයි.

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ සය වැදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මකයි. අතිරේක බෝග සහ පලතුරු සඳහා පමණක් මෙට්‍රික් ටොන් හාර ලක්ෂයකට අධික කාබනික පෝර අවශ්‍යතාවක් පවතින බවත් එය වසර දෙකක් ඇතුළත කෙලින්ම සපුරා ගැනීම මේ වැඩසටහනේ ඉලක්කයයි.

ජනාධිපතිතුමනි….ඉදිරියට තැබූ පියවර සාර්ථකයි.නීරෝගී දේශයක් වෙනුවෙන් සිව් දෙසින් සාර්ථක ප්‍රථිපල අසන්නට හා දකින්නට ලැබේ..අරමුණ සාර්ථක බව පැහැදිලිය…..

Related posts

Leave a Comment