තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් දිවයිනට!

අමෙරිකාවේ නිෂ්පාදිත ” ෆයිසර් ” එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. ඒ, කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. මෙම ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු කෙරුණා.

අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩාව වෙත එම එන්නත් තොග රැගෙන යාමට කටයුතු යොදා තිබුණා. මෙම එන්නත් තොගයත් සමග , ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙන්වා ඇති සමස්ත ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 52,000 ක්.

Related posts

Leave a Comment