මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසෙරියන් සැත්කමක් හරහායි.
කොළඹ පෞද්ගලික මෙම දරු උපත සිදුව ඇත්තේ අද අළුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීයි.
මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.
කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
ඔවුන් අතරින් එක් දරුවෙක් පමණක් මේ වන විට දැඩි වෛද්‍ය පරීක්ෂාව යටතේ පසුවන බවත් එම දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.