ඉන්දියා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක තරගය අද!

අයි.සී.සී ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ ඉන්දීයාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර තරගය අබුඩාබි හිදී අද (03) පැවැත්වෙයි.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වෙයි.

ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන සහ නවසීලන්ත කණ්ඩායම් හමුවේ දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන් මේ වන විට ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවෙයි.

ස්කොට්ලන්ත සහ නැමීබියානු කණ්ඩායම් සමග ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී තරග වැදීමට නියමිතය.

ඇෆ්ගනීස්තාන කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගනිමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.

Related posts

Leave a Comment