“පෝස්ටරයක් ගැලෙව්වාට මෙච්චර දඩුවමක්?” – ආගමික අන්තවාදයේ බිහිසුනුබව ගැන පාකිස්ථානයෙන් අපිටත් පාඩමක්!

ශ්‍රී ලාංකික කළමනාකාරවරයකු ආගමික අන්තවාදී පිරිසක් විසින් පාස්කිතානයේ සායිකොට් ප්‍රදේශයේදී අමානුෂික හා කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිදුවීම මේ වනවිට ලෝකයේම අවධානයට ලක්ව තිබෙන අතර ඉස්ලාම් ආගමික අන්තවාදයේ ම්ලේච්චත්වය නැවත වරක් ලෝකයටම කියාදුන් අවාසනාවන්ත සිදුවීමක් ලෙස එම සිදුවීම හැඳින්විය හැකියි.

පකිස්තාන කර්මාන්ත ශාලාවක සේවය කරන ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකික සාමාන්‍යධිකාරී වරයා සිය ආයතනයේ තාප්පයක ප්‍රදර්ශනය කල අන්තවාදී පෝස්ටරයක් ගලවා දැමීම හේතුවෙන් ඔහුට පොලු වලින් පහරදී අමු අමුවේ පුළුස්සා මරා දැමීමට තරම් අන්තවාදය අමානුෂික බව ඔප්පු කොට ඇත.

පාකිස්ථානයෙන් වාර්තා වන මේ පුවත අපේ රටේ ජනතාවටද ඉතා වැදගත් පාඩමක් කියා දෙන අතර පසුගිය රජය සමයේ ඊනියා සන්හින්දියාවට මුවාවූ අන්තවාදීන් නැගෙනහිර සහ උතුරේ සිය අනසක පතුරවමින් බෞද්ධ වෙහෙර විහාර විනාශ කරමින් හා ස්වාමීන් වහන්සේලාට මරණ තර්ජන පවා කරමින්ද අපවත්වූ හිමි නමකගේ දේහය පවා අදාහනයට ඉඩ නොදෙමින් ගෙන ගිය අන්තවාදී හා ජාතිවාදී වැඩ කටයුතු අපට අමතක නැත.

අවසානයේ එවක පාලකයින්ගේ බියගුළු සහ නිවට තීන්දු තීරණ මෙන්ම අන්තවාදය පෝෂණය කල සුළු ජාතික දේශපාලකයින්ගේ ක්‍රියාකලාපයන් නැසූ කන් ඇතුව බලා සිටි දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් අවාසනාවන්ත පාස්කු ප්‍රහාරය දක්වා පාර කැපීය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජාතිවාදී අන්තවාදී ක්‍රියා පාලනයට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගනිමින් හා අන්තවාදී නොවන බහුතර සුළු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනිසිටිමින් ගෙනයන ක්‍රියාමාර්ග හරහා ඇතිවතිබු අවාසනාවන්ත තත්වය පාලනයට කටයුතු යොදා ඇති බව සියලුදෙනාට පෙනෙන කරුණකි. නමුත් අනාගතයේදී මෙවන් අවාසනාවන්ත සිදුවීම් යලි නොවන්නට බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම පුරවැසියන් සතු වගකීමකි.

පාකිස්තානයේ සිදුවීම සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය පළකිරීමක් පහතින්…

“ප්‍රියන්ත කුමාර දියවඩන RajCo Factory හි General Manager . ඔහු දකිනවා ආයතනයේ බිත්තියක අන්තවාදී ප්‍රකාශ ඇතුලත් පෝස්ටරයක් අලවා තිබෙනවා. ඔහු මේක ගලවා කුණු කූඩයට දමා තිබෙනවා.

මේ නිසා කුපිත වූ සේවකයන් පිරිසක් මොහුට පොලුවලින් පහර දී තිබෙනවා. පසුව අන්තවාදී පිරිස් එක් වී මොහුව පුලුස්සා මරා දමනවා . මිය ගිය ප්‍රියන්ත කුමාර ඉංජිනේරු වරයෙක් වන අතර එක් දරු පියෙක්. එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක්. ඔහු පකිස්තානයට යන්නෙ 2010 වර්ෂයේ. ඔහු එම වර්ෂයේ Cresent Textile ආයතනයට Industrial Engineering Manager වරයකු ලෙස සම්බන්ධ වෙලා තියනවා. 2012 වර්ෂයේ ඔහු එම ආයතනයෙන් ඉවත් වෙලා. ඉන් පසුව ඔහු RajCo factory ආයතනයට යන්නෙ එම ආයතනයේ general manager ලෙස. මිය යන තෙක්ම ඔහු සේවය කරන්නෙ එම ආයතනයේ.

මේ වන විට ඔහුගේ මරණය සම්බන්ධයෙන් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන් සෘජුව අවදානය යොමු කරල තියනවා. ඒ වගේම දැනට 100කට ආසන්න පිරිසක් මේ සම්බන්ධව අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් ප්‍රදාන සැක කරුවෙකුගේ චායාරූපයක් පහත දැක්වෙනවා”
Priyantha Kumara Diyawadana | Sialkot Incident

Related posts

Leave a Comment