රටම භියෙන් සලිත වෙද්දී රාජිත ගෑස් ගැන වීඩියෝවක් පෙන්වා සිනා සෙයි (VIDEO)

පසුගිය දින කිහිපය තුළදී ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් සිද්ධීන් ක්‍රමිකව වර්ධනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා. ඊයේ අලුයම 04 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ගෑස් ආශ්‍රිත අනතුරු 61 ක් වාර්තා වී ඇති අතර දින 03 ක් තුළ ගෑස් අනතුරු 103 ක් වාර්තා වී ඇති බවයි පොලීසිය පවසන්නේ. 

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වීමත් සමඟම බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නට වුනා.මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පැතිරයන හාස්‍යජනක දුරකථන ඇමතුමක වීඩියෝවක්ද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද මෙම වීඩියෝව මාධ්‍යවේදීන්ට අසන්නට සලස්වනු ලැබූවා.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වූ හඬ පටය ගැන අප සොයා බැලුවා.

මේ කිසියම් පාරිභෝගිකයෙකු විසින් ලිට්‍රෝ සමාගමට ලබාදුන් දුරකථන ඇමතුම ඇතුලත් සම්පුර්ණ හඬ පටයයි..

Related posts

Leave a Comment