එක් ඇමතුමකින් 900ක් එකවර ගෙදර යැවූ ලොක්කා සමාව ඉල්ලයි! (VIDEOS)

ඇමරිකාවේ බෙටර් ඩොට්කොම් නමැති උකස් ආයතනයක ප්‍රධානියා සූම් තාක්ෂණයෙන් පොදුවේ ලබාදුන් එක් ඇමතුමකින් සිය සමාගමේ සේවකයන් නවසියදෙනකු එකවර සේවයෙන් පහ කර තිබෙනවා 

“මෙය ඔබට ඇසීමට අවශ්‍ය ප්‍රවෘත්තියක් නොවේ… ඔබ මෙම ඇමතුමේ සිටින්නේ නම්, ඔබ දොට්ට දමන අවාසනාවන්ත කණ්ඩායමේ කොටසකි. ඔබගේ මෙහි සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් වේ,” 

පසුව කුරිරු ඇමතුමේ කාන්දු වූ දර්ශන  සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ව්‍යාප්ත වීමෙන් පසුව ඇමරිකාවේ බෙටර් ඩොට්කොම් නමැති උකස් ආයතනයක ප්‍රධානියා වන ‘විශාල් ගාර්ග්ගේ  මෙම සූම් ඇමතුමට එරෙහිව සතර දෙසින් දෝෂාරෝපණ එල්ල වූයේ නත්තල එළැඹීමට ආසන්නව තිබියදී මෙවැනි සමූහ සේවයෙන් නෙරපා හැරීමක් සිදුකිරීම කුරිරු බවට විවේචනය කරමිනි.

සූම් තාක්ෂණයෙන් ලබාදුන් එම පණිවුඩයේ විශාල් ගාර්ග් වැඩිදුරටත් පවසන්නේ තම සේවා කාලය තුළ තමන් මෙවැන්නක් සිදුකරන්නේ දෙවැනි වරට වන අතර, මෙවැනි අසීරු තීරණයක් ගැනීමට සිදුවූ පළමු අවස්ථාවේදී තමාගේ නෙතට කඳුළු නැඟුණු බවයි.  පසුව ප්‍රධාන විධායක නිලධාරියා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ සේවකයින් ඉවත් කිරීමට තීරණය කිරීම පිටුපස ඇති හේතු ලෙස වෙළඳපල, කාර්ය සාධනය සහ ඵලදායිතාව සඳහන් කර තිබුණි.

පසුව නිවේදනයක් නිකුත්කමින් පවසා සිටයේ  “මම මෙම ප්‍රවෘත්තිය සන්නිවේදනය කළ ආකාරය දුෂ්කර තත්වයක් වඩාත් නරක අතට හැරවූ බව මට වැටහෙනවා,”  බවත්  43 හැවිරිදි ගාර්ග් මහතා පසුව ඔහු දොට්ට දැමීම් කටයුතු කළ ආකාරය ගැන සමාව අයැද සිටියේය – නමුත් එය සමාගමේ අලෙවි ප්‍රධානියා, මහජන සම්බන්ධතා ප්‍රධානියා සහ සන්නිවේදන උප සභාපතිවරයාට ඉල්ලා අස්වීම ලබා දීමෙන් වලක්වා නැත,

Related posts

Leave a Comment