“නොරොච්චෝලේ අලුත්වැඩියාවක්” යළිත් පැය බාගයක් විදුලිය කැපේ!

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක සිදුකෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී මිනිත්තු 30 – 45 අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සවස 06.00 – රාත්‍රී 09.30 අතර කාලය තුළ මෙසේ විදුලි ඉල්ලුම අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

මෙම පියවර ඊයේ (11) සිට ක්‍රියාත්මක වන අතර දැනට සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු අවසන් වීමට අනිද්දා (14) දිනය පමණ වනු ඇති බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment