ප්‍රියන්ත කුමාර ඝාතන නඩුව ගැන පකිස්ථානය ගත් සුපිරි තීරණය!

පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහරදී ගිනි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ නඩු විභාගය දිනපතා පැවැත්වීමට පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේ ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එරට නීති කටයුතු පිළිබඳ අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණය වී ඇති බව ය.

මෙම නඩුව දින 14ක් ඇතුළත අධිකරණයේ ගොනු කරන ලෙස කමිටුව විසින් විමර්ශන නිලධාරීන්ට නියෝග කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

අදාළ නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවන ලෙස ද එහිදී තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අදාළ රැස්වීම සඳහා පළාතේ සියලු ම ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් සහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බව ය.

ප්‍රියන්ත කුමාර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස පිළිබඳව සවිස්විස්තරාත්මක වාර්තාවක් මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන් ම, ඊට සම්බන්ධ තව ම ත් නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදී ම අත්අඩංගුවට ගන්නා බවට පංජාබ් ප්‍රාදේශීය පොලිසිය ප්‍රකාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

තව ද අදාළ සැකකරුවන් බන්ධනාගාරය තුළ සිටියදී ම ඔවුන්ගෙන් සාක්ෂි විමසීමට මෙහිදී තීරණය කර තිබේ.

Related posts

Leave a Comment