එළියට බහින්න අපට කලබලයක් නෑ, මේක රඟපෑමක් කියලා පේනවා නම් එහෙම හිතාගන්න!

යුගදනවි ගිවිසුම සම්බන්ධ අදභූත කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවට කැබිනට් ලේකම්වරයා එවූ සටහන පිළිගැනීමට නොහැකි බවත් සිදු නොවුණු යමක් සිදුවුණේ යැයි කියන්නේ නම් එතැනදී කැබිනට් සාමුහික වගකීමට තමන්ගේ බැඳීමක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

ප්‍රශ්නය – ඔබතුමාලාට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද, නැත්නම් වෙනම ගමනක් යන්න සූදානමක්ද මේ තියෙන්නෙ ?

“ඒවා ඉතිං කලබල වෙන්න එපා අනේ. ඕගොල්ලොන්ට හරී වුවමනාවක් තියෙනවාද ඉක්මනට අපිව එළියට ගන්න ?” 

ප්‍රශ්නය – ඔය වගේ සාමුහික වගකීම කඩලා ප්‍රශ්න වෙලා තියෙනවානෙ ඉස්සර ?

“හරි, හරි, හරී …. ප්‍රශ්න වුණා කියලා ප්‍රශ්නයක් නෑ”

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (17) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි

Related posts

Leave a Comment