”GMOA කන්න දීපු අත හපා කනවා”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්පූර්ණයෙන් හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

“වරද තියෙන්නේ අමාත්‍යංශයේ ලොක්කෙක් හෝ රටේ කවුරුහරි ලොක්කෙක් නිසා නම් ඒකට මහජනතාවට දඬුවම් කරලා හරි යන්නේ නැහැ නේ. මේ රජය තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුදුන් පත් කර ගෙන අවශ්‍ය කරන සියලු ම වරප්‍රසාද හා බලතල ලබා දීලා මේ තත්ත්වයට ගෙනාවේ. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා දීපු අත හපාගෙන කන තත්ත්වයක්.”

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, මෙම වෘත්තිය සමිතිය මාෆියා සංවිධානයක් ලෙස කටයුතු කරනු ලබන්නේ නීතිමය තත්ත්වයන් පැවතීම හමු වේ බව ය.

රටේ 80%ක් වෛද්‍යවරුන් මෙම වෘත්තිය සමිතිය මෙල්ල කිරීමට පෙළ ගැස‍ී ඇති බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

Leave a Comment