ජනතාහිතවාදී, මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට රන්ජන් රාමනායක මහතා, සමාජ සේවය වෙනුවෙන් නිදහස් කරන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ය.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලයක් නැවත ආරම්භ කරන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.
අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා කරුණු නවයක් සහිතව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බව ත් විපක්ෂය ලෙස තමන් කිහිප වතාවක් ම රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.