“පාස්කු ප්‍රහාරය දවසේ ලංකාවේ හිටියේ”

පාස්කු ප්‍රහාරය එල්ල වූ දවසේ තමන් සිටියේ ලංකාවේ බවත් පවුලේ සියලු දෙනා විදෙස්ගතව සිටි බවට සඳහන් වූ වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.

සිරස රූපවාහිනයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දිනයේ තමන් විදෙස්ගතව සිට ශ්‍රි ලංකාවට පැමිණි බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී තමන් කොළඹින් බැහැරව යාමට සූදානම් සිටි බවත් සිය පියාගේ ධුර කාලයේ සිදුවූ කනගාටුම සිදුවීම පාස්කු ප්‍රහාරය බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment