නත්තලට ආහාර පිසිමින් සිටියදී ගෑස් ලිපක් පුපුරලා!

නත්තල් දින උත්සවයක් සඳහා ආහාර පිසිමින් සිටියදී හැටන් රුවන්පුර ජනපදයේ පළමු කොටසේ නිවසක මුළුතැන්ගෙයි තිබූ ගෑස් උඳුනක් අද (දෙසැ. 25) දින පුපුරා ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.

වාර්තාකරු සඳහන් කළේ, නත්තල් දිනයේ තම දෙමව්පියන්ට සහ පවුලේ සමාජිකයන්ට දිවා ආහාර පිළියෙල කරමින් සිටියදී එක්වර ම ගෑස් උඳුන පුපුරා ගිය බව නිවෙස් හිමියා පැවසූ බව ය.

පිපිරීමෙන් ගෑස් උඳුනට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර පිපිරීමෙන් කිසිවෙකුට ත් තුවාල සිදු වී නොමැති බව අප වාර්තා සඳහන් කළේ ය.

ගෑස් සිලින්ඩරය මීට දින 15 පමණ පෙර හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිල දී ගත් බව නිවෙස් හිමියා පවසා ඇත

ගෑස් උඳුන පිපිරී යාමෙන් පසු නිවෙස් හිමියා විසින් නත්තල් දිනයට දිවා ආහාරය භුමිතෙල් උඳුනකින් පිළියෙල කිරීමට කටයුතු කර ඇති බව අප වාර්තාකරු පැවසී ය.

පිපිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

Leave a Comment