බන්ධනාගාර රැඳවියන්ට නත්තල් තෑග්ගක්!

නත්තල හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන්ගෙන් සහ හිතමිතුරන්ගෙන් ආහාර පාර්සල් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම අවස්ථාව එළඹෙන සඳුදා (දෙසැ. 27) දක්වා ලබා දී ඇති බව ය.

තව ද ආහාර සමඟ, කිරිපිටි, සීනි, රසකැවිලි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ද සනීපාරක්ෂාව සම්බන්ධ අවශ්‍යතා සඳහා රැඳවියෙකුට රුපියල් 2,500 දක්වා මුදල් ද ලබා ගැනීමට අවසර හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මේ අතර, COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සව ද බන්ධනාගාර තුළ පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

Leave a Comment