18 ට වැඩි තරුණයන්ට හමුදා පුහුණුවක් දෙන්න අපට ආර්ථික ශක්තියක් නැහැ – ඇමති සරත්ගේ ‍කණේ පිරෙන්න ෆොන්සේකා කියයි

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුව ලබාදීමට යෝජනා කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගේ  සුරංගනා කතාවක් බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එනම් එක් තරුණයෙකුට 6 මාසයක යුද පුහුණුවක් ලබාදීමට අවම වශයෙන් රු හත් ලක්ෂ පනස් දහසක මුදලක් වැය වන බවත් ඒ අනුව වයස අවුරුදු 18 පිරුන තරුණ තරුණියන් ලක්ෂයකට හය මසක යුද පුහුණුවක් ලබාදීමට රුපියල් මිලියන හැත්තෑපන් දහසක් වැය වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

එවන් මුදලක් වැය කිරීමට ආර්ථික ශක්තියක් රටට නොමැති මෙන්ම එසේ කරන ආයෝජනයෙන් ප්‍රතිලාභයක් ද නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව අපොස උසස් පෙළ විභාගයට ළමුන් ලක්ෂ හතරක ප්‍රමාණයක් පෙනී සිටින අතර ෆොන්සේකා මහතා පෙන්වා දෙන වියදම් වලට අනුව එවන් පිරිසකට අවි පුහුණුවක් ලබාදීම සඳහා රුපියල් මිලියන තුන් ලක්ෂයක් පමණ වැය වනු ඇත.

ඔහු මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර මහතා වයස අවුරුදු 18 ඉක්මවන සෑම තරුණ තරුණියකට ම විනය හැදීම සඳහා හය මසක යුද පුහුණුවක් ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට පිළිතුරු දෙමිනි.

Related posts

Leave a Comment