“CID ගෙනා මත්තේගොඩ කාන්තාවට නීති සහාය සජිත්ගෙන්” – සජබ සමඟ දේශපාලනය කල සාක්කි රැසක් හෙළිවෙයි!

ජනපතිට අපහාස කරමින් සමාජ ජාල ප්‍රචාර පලකල මත්තේගොඩ ප්‍රදේශයේ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපර්තමනේතුවට කැඳවා අදාළ අසත්‍ය ප්‍රචාර පලකිරීම සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇය මාධ්‍ය හමු පවා සංවිධානය කරමින් චෝදනා නගමින් සිටින බවටත් වාර්තා පලවෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූ පරිදි අදාළ කාන්තාව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ මත්තේගොඩ ශාඛාවේ ලේකම්වරිය ලෙස කටයුතු කරන අතර සමගි ජන බලවේගය යටතේ එම වෙළඳ සංගමය ක්‍රියාත්මක වනවා.

මීට අමතරව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇය සඳහා නීතිඥ සහාය ලබාදීමට කටයුතු කොට ඇති අතර සමගි ජන බලවේගයට සම්බන්ධ නීතිඥයින් ඒ සඳහා යොදවා තිබෙනවා.

වැඩි දුරටත් අනාවරණය වන පරිදි සිවිල් ක්‍රියාකාරිකයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් රජයට දැඩි විවේචන එල්ල කරන අසේල සම්පත් සහ ක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් චාල්ස් සමඟ සමීප සම්බදතා පවත්වමින් විවිධ විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය හා සම්බන්ධීකරණයට එක්ව තිබෙන බවට ඇයගේ සමාජ ජාල නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වී තිබෙනවා.

පසුගිය කාලසීමාවේ පැවතුනු ගෑස් සම්බන්ධයෙන් වූ විරෝධතා, පාරිභෝගික කටයුතු අමාත්යංශය ඉදිරිපිට පැවතී විරෝධතාවයන් ඇතුළු සමගි ජනබලවේගයේ විරෝධතා රැසකට මෙම තැනැත්තිය සිය සහයෝගය ලබාදී තිබෙනවා.

මේ අනුව ජනාධිපතිවරයා හා රජය සම්බන්ධයෙන් අසත්‍ය මත පළකරමින් සිදුකල සමාජ මාධ්‍ය ප්‍රචාරණය හුදෙක් අත්වැරදීමක් ලෙස දැක්විය නොහැකි බවට සාක්ෂි සාධක පෙන්නුම් කරන අතර විපක්ෂයේ පිරිසක් සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර පළකරමින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බව පැහැදිලි වනවා.

Related posts

Leave a Comment